ඔබටත් නිය මහ කාදනය හැදිලනම් නිට්ටාවටම සුවකරගන්න මේ දේවල් කරන්න


 මේ දිනවල මේ පිටුවෙ කීපදෙනෙක් අහන ප්‍රෂ්නයක් තමා මේ නියපොතු වලට ඇතිවන තත්වයට ප්‍රතිකාරයක් කියන්න කියල මෙය මා දුටු විදිහට කවුරුත් නිසි පිලිතුරක් ලබා දී නොතිබින එම නිසා තනි තනියෙන් පිලිතුරු සැපයීමට නොහැකි නිසාත් එහෙම පැවසුවත් ආයි යලිත් තව කවරෙකු හරි ඔය ප්‍රශ්නයම අහනව තවදින කීපයකින් ඒ නිසා සියලුම දෙනාගෙ හිත සුව පිනිස අද මා කීමට බලාපොරොත්තු වන්නේ එයට හේතුවත් ප්‍රතිකාර පිලිබදවත්ය එම නිසා මෙයින් නිසි ප්‍රයෝජනය ගෙන තව අයෙකු දැනුවත් කීරීම සදහ මෙය shear කරන ලෙස කාරුනිකව ඉල්ලමි.

මොකද්ද මේ නියපොතු සහ නිය මහ කාදනය කියන්නෙ. මේකට කියන නම තමා Ringworm infection මෙය සමේ නියපොතු සහ හිස් කබලේ ඉහල ස්තරයේ සෑදෙන දීලිරිමය ආසානයකි.මෙය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙනවා ඒ වගේම තව අයෙකුට බෝවීමට පවා ඉඩ ඇත. නමුත් එකිනෙකාගේ පිරිසිදු බාවය සහ ප්‍රතිශක්තිය අනුව වෙනස් වේ. මෙහි නම Ringworm උනාට මෙයට කිසිදු පණුවන් ගේ සබද තාවයක් නොමැත. මෙය දීලීරආසාදනයක් පමණි. මෙම දීලීරය මගින් ඉහල ස්තරයේ ඇති protein සහ keratin ගිල දමයි..මෙම රෝගය වයස අවුරුදු 15අඩු ලමුන්ට සෑදුනොත් අවදානමක් පවතින නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. එම නිසා මෙම රෝගය ඇති වැඩි හිටියන් තමාන්ගේ සුවස්තතාව පවත්වා ගත යුතු අතර තමන්ගේ ඇදුම් පැලදුම් තම්බා හොදින් අවුවේ වේලා ප්‍රතිකාර ගන්නා අතර තුර පිරිසිදුව සිටීමට වග බගා ගත යුතුයි.

හරි අපි බලමු මෙයට කරන්න පුලුවන් මොකක්ද කියලා..

මුලින්ම සැර සබන් ජාති බාවිතය සහ මුලින්ම නවතා දමන්න හොද මෘදු කොහොඹ බේබි සබන් කෑල්ලක් බාවිතා කරන්න. වෙන මුකුතම ජාති මෙහි උලන්න යන්න එපා මොකද වැඩක් වෙන්නෙ නෑ මේ ගැන රෝගය තියෙන අය හොදට දන්නව ඇති. මොකද ඒ අය නොයෙකුත් දේ මීට ඉස්සර බාවිතා කරල සල්ලි වියදම් කරල කොතෙකුත් දොස්තරල ගාවට ගියත් නිසි ප්‍රතිකාරයක් නොලැබී යන්න ඇති එම නිසා මේ කියන බෙහෙත පාවිච්චි කර සුවපත් බාවයට පත් වන්න ඔයාලටත් පුළුවන්.

බෙහෙතෙ නම තමයි 3% Thymol sprit තමා මේකෙ නම් ෂාමසි වල තියෙනව. හදල තමා ඒ ගොල්ලො මේක දෙන්නෙ. වැඩිය ගනන් නෑ පොඩි බෝතලයක්ම රු 100 කටත් අඩුයි. රජයේ ඔසු සල් වල තියෙනවා. අනික මෙහි අඩංගු දේ ශරීරයට විස නෑ.

හොදයි මුලින් එම තියෙන ස්තානය හොදින් සෝදා වියලෙන්න හරින්න. පසුව මෙම බෙහෙත මූඩියකට ස්වල්ප ප්‍රමාණයක් ගෙන එහි ඇගිල්ල හොදට තවරන්න සියලුම ඇගිලි වල පවතිනවානම් හැම ඇගිල්ලකම සහ නියපොතු වල හොදින් ගාන්න. මෙය දවසට තුන් වරක් පමන කරන්න මතක තියා ගන්න මෙම රෝගය පවතින ඇගිලිවල වැඩි පුර තෙතමනය රදා පවත්තන්න එපා. වියලිව තබා ගන්න. රින්සො වැනි දේ වැඩිය ඇගිලි වල ගාව ගන්න එපා. ඉහත කියපු ටික පිලි පැද මසක් පමණ මේ බෙහෙත ආලේප කරගෙන සිටියහොත්, ඔබට ලස්සන නිරෝගි නියපොත්තක් සහිත අගිල්ලක් මාස දෙකකින් පසුව බලා ගත හැක.

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්