අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රු. 6,000ක දීමනාව ලැබෙන්නේ මෙහෙමයි...


 අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රු. 6,000ක දීමනාව වවුචරයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.


ඒ අනූව දෙමාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතයි.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභි නොවන ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට දීමනාව ලබා දෙනු ඇති.

ඒ අනූව සිසුන් 300ට අඩු පාසල් 6,576කට අයත් වන අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට මෙම දීමනාව ලබා දීමට නියමිත වනවා.

Comments

Popular posts from this blog

ඔබ කවදාවත් හිතුවාද...? ශරීරයේ රෝග රැසක් ගැන මේ එක ඉන්ද්‍රියකින් කියවෙනවා කියලා...

දියවැඩියා රෝගය නිට්ටාවටම සුවකරන, අක්මාවේ මේදය තැම්පත් වීම වළකන දිව්‍ය ඔසුවක් වූ කළුදුරු භාවිතයට ගන්න විදිය

වේගයෙන් අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 12 ක්