සතියක් පුරාවට ලෙමන් වතුර බොන්න. ශරීරයට මොකද වෙන්නේ කියලා බලමු

සිරුරේ බර අඩු කිරීමේ සිට පිළිකා වැළැක්වීම දක්වා සෑම දෙයක් සඳහාම ලෙමන් ප්‍රචලිත වී ඇති අතර සෑම ශාරීරික රෝගයක්ම සුව කිරීමට ලෙමන් පානය කරන්න පුළුවන්. ඉතිං මෙම පානය ඔයාගේ සිරුරට ඉතා ගුණදායකය. අද හැඩකාරී අපි සතියක් පුරාවට ලෙමන් වතුර පානය කරන්නේ නම් ඔයාගේ ශරීරයට ලැබෙන වාසි ගැන කියලා දෙනවා. ඔයා කැමති නම් ලෙමන් වලට අමතරව මින්ට්, මී පැණි හෝ වෙනත් පලතුරක් සමග ලෙමන් පානය කරන්න, ආහාරයට ගන්න පුලුවන්. මෙය උණුසුම්ව හෝ සීතලව පානය කරන්න පුළුවන්. කොහොම වුණත්, ලෙමන් වතුර උණුසුම්ව පානය කිරීම වඩාත් සුදුසුයි. පෙති කපන ලද ලෙමන් ගෙඩියක්, මද රස්නය ඇති ජලයට එකතු කරන්න. එමගින් බර අඩු කර ගැනීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක සංයෝග ශරීරයට ලබාගන්න හැකි වනවා. 1. මුව නැවුම් කරයි ඔයා යමෙකු සමඟ සමීපව කථා කළ යුතු සෑම අවස්ථාවකම චුවින්ගම් හෝ මින්ට් එකක් භාවිතා කරනවා නම් ඒ වෙනුවට ලෙමන් වතුර එයට පිළිතුරක් වෙන්න පුළුවන්. ලෙමන් වල සුවඳ ගෙන දෙන නිෂ්පාදන ගණනක් තිබෙනවා. ඒ අතරින් ලෙමන් වල පැඟිරි සුවඳ ඔයාගේ මුඛයේ ගන්ධය උදාසීන කිරීමට සමත් වනවා. ඔයා උදෑසන අවදි වන විට මුඛය වියළී ගිහින් අතිරික්ත බැක්ටීරියා වර්ධනය වී නරක ග...