ගෙදරට කරදරයක් වුණ හූනන් පළවාහරින්න ලේසිම ක්‍රම කිහිපයක් මෙන්න..

ඔබේ නිවසේ යම් යම් තැන්වල විශේෂයෙන්ම මුළුතැන්ගේ නිතර දෙවේලේ හූනන් ගැවසෙනවා නම් ඇත්තටම ඒක ටිකක් අප්‍රසන්න දෙයක් නේද..? මේ කියන්න යන්නේ අන්න ඒ කරදරයෙන් ඔබට ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.. - ගම්මිරිස් යෙදූ වතුර හූනන් ඉවත් කර නැවත පැමිණීම පැමිණීම වළක්වා ගැනීම සඳහා යොදාගත හැකි හොඳම උපක්‍රමයක් ලෙස මෙය සැලකෙනවා. කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක් වතුරට එක්කර සාමාන්‍යයෙන් ඔබේ නිවසේ හූනන් සිටින ස්ථාන වලට හොඳින් ඉසින්න. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී ඔබ ඔබේ මුළුතැන්ගෙය පිරිසිදු කර අවසානයේ දී මේ උපක්‍රමය භාවිතා කරන්නට ඔබට පුළුවන්. - ලූනු හෝ සුදු ලූනු ලූණු සහ සුදු ලූණු සාමාන්‍යයෙන් පිටකරන තද සුවඳට හූනන් පලවා හැරීමේ හැකියාව තිබෙනවා. හූනන් ගැවසිය හැකි නිවසේ අඳුරු මුලුවල මේවා තැබිය හැකියි. අවශ්‍ය නම් ඒ මතින් කරාබු නැටි ද තැබිය හැකියි. නිවස පිරිසිදු කර අවසානයේදී මේ උපක්‍රමය භාවිතා කර දිනකට වරක් හෝ දින දෙකකට වරක් මේවා ඉවත් කරන්නට පුළුවන්. - නිවසේ ඇති තෙත් අවකාශයන් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඔබේ නිවසේ ඇති තෙත් අවකාශයන් වල හූනන් ගැවසීම සහ බෝවීම වැඩි වශයෙන් සිදුවිය හැකියි. විශේෂයෙන්ම ජල කරාමය අවට මෙය ...